පෞද්ගලික අංශ සේවකයන් විශ්‍රාමගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ.
එම වයස නීතිගත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට නීතිපතිවරයාගේ සහතිකයද ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සේවකයන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතය.
පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස මින් පෙර පැවැතියේ වයස අවුරුදු 55 ලෙසය.