ලොව පුරා ව්‍යාප්තව පවතින ප්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය.
‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය පැවැත්විණි. රටවල් 112ක් ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇත.
කාර්මික විප්ලවය සමග ඇති වුණ සාමාජීය සහ ආර්ථික වෙනස්කම් සමග පීඩනයට පත් වුණ ගොවියා සහ කම්කරුවා නගා සිටුවීමේ අරමුණින් සමූපකාර ව්‍යාපාරය මූලිකව අරඹන ලදි. 1923 දී ප්‍රථම වරට ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීමට තීරණය කරන ලදී.