Aboutceylon Online

Facebook බිඳ වැටේ – Facebook ආයතනය පරිශීලකයින්ගෙන් සමාව අයදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9 .00 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය සේවා පැය හයකට ආසන්න කාලයක් පැවති බිඳවැටීමකින් පසු නැවත යාථා තත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.

ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිදවැටීම බවට ඩවුන්ඩෙටෙක්ටර් නම් ආයතනය පවසයි.

ෆේස්බුක් වෙබ් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත් වූවන්ට සමාව අයදින බවයි.

Scroll to Top