නුවරඑළය ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරයේ ලෝෂන් විදියේ නිවාස 15 සහ වෙලදසැල් 05 ක් වැසි ජලයෙන් යට වි තිබු බව නුවරඑළිය මහ නගර සභාවේ නිලධාරියෙකු පැවසය.
ජලයෙන් යට වු නිවාස වලට සහ වෙලදසැල්වලට පිටුපසින් ජලය ගලා බසින කානු පද්දතියක් පැවති දැඩි වර්ෂාවක් සමග අවහිර විම නිසා නිවාස සහ වෙලදසැල් තුලට අඩි 2 ක් පමන උසට ජලය කාන්දු වු බවයි පිඩාවට පත් නුවරඑළිය ලෝෂන් විදියේ පදිංචි කරුවන් කියා සිටියේ.
වැසි ජලය නිවාස වලට සහ වෙලදසැල් වලට කාන්දු විම නිසා එම නිවාස වල පදංචි කරුවන්ගේ සහ වෙලදසැල් වල තිබු ආහාර ද්‍රව්‍යය රැසක්ද වැසි ජලයෙන් හානියට පති වි ඇත.
වැසි ජලයෙන් ආපදාවට පත් නුවරඑළිය ලෝෂන් විදියේ ජනතාව වෙනුවෙන් සහන සැපයිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් නානුඔය පිටාර ගැලිමෙන් වෙළදසැල් රැසක් ජලයෙන් යටවි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.
නුවරඑළිය බස් නැවතුම් පොලට පිටුපසින් ගලා බසින නානුඔය ඇලට යාබදව පිහිටි වෙලදසැල් 10 ක් පමණ ජලයෙන් යටවි ඇති බවත් ,නානුඔයේ ජල මට්ටම පහල බැස ඇත බවයි රංජිත් අලහකෝන් මහතා කියා සිටියේ .
නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කල බවද රංජිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ