Aboutceylon Online

තවදුරටත් තද වැසි – ජලාශ වල වාන් දොරටු විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි , ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලටඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්  විවෘත කර ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇත.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරිමේදි සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබිමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින වටා   මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Scroll to Top