20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයන්ද සමග ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත වේ.
ලෝක කුසලාන තරගාවලිය ලබන 17 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය නැමීබියා කණ්ඩායම සමග 18 වැනිදා අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕමානය සමග තරග දෙකකට සහභාගි වන අතර එම තරග දෙක ඕමාන්හි අල්-අමේරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. ඒ ලබන 07 වැනිදා සහ 09 වැනිදායි.
කණ්ඩායම පිතිකරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරා
පසුගිය දින 9ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර පුහුණුවීම් කටයුතු සිදු කළ බව පුහුණුකරු මිකී ආතර් පවසනවා.
පුහුණු තරග 3ක් මෙන්ම නිපුණතා සැසිද පැවැති බවයි ඔහු සඳහන් කළේ.
ඕමානයට එරෙහිව 20යි 20 තරග දෙකකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිනයේ පිටත්ව යාමට නියමිතයි.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම ශක්තියක්
එළෙබෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම සිය කණ්ඩායමට ශක්තියක් බව විස්සයි විස්ස කණ්ඩායම් නායක දසුන් ශානක පවසනවා.
මූලික වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකටද එක්වනවා. පළමු පුහුණු තරගය ඔක්තොම්බර් 12වනදා පැවැත්වෙන්නේ බංගලාදේශයට එරෙහිවයි.
දෙවන පුහුණු තරගය ඔක්තොම්බර් 14වනදා පැපුවානිව්ගිණියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.