මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්රාම්හිදී පැවැත්වූ පළමු ප්රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ඉන්දියාව පුරා යොහානි උන්මාදයක් ඇතිව තිබෙන අතර මේ නිසා යොහානි ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්රේක්ෂකයන් රැස්ව ඇත.
මැණිකේ මගේ හිතේ ගීතය නිසා ප්රසිද්ධවූ ශ්රී ලාංකික ගායිකා යොහානි ඊයේ ඉන්දියාවේදී ඉදිරිපත් කළ ප්රසංගය – වීඩියෝ කිහිපයක එකතුවක් මේ සමග පළවේ.
මෙහිදී ගීතයේ රැප් කොටසද යොහානි විසින්ම ගායනා කරනු ලබයි.