Aboutceylon Online

දිවයින පුරා වායු ගෝලයේ කැලඹිලි තත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (1) වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාළගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දිවයින පුරා වළාකුලින් බරවූ අහසක් බලාපොරොත්තු වනවා.

Scroll to Top