Aboutceylon Online

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර ලෝක ළමා දින සැමරුම් තේමාව “සියල්ලටම පෙර දරුවන්” යන්න වන අතර වැඩිහිටි දින සැමරුම් තේමාව වී ඇත්තේ ‘සියලු වයස් කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්‍ෂණය’ යන්නයි.

මේ නිමිත්තෙන් ඔක්තෝබර් මස අවසන් වනතෙක් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සහ පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. එහි ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

Scroll to Top