වැලි පස් සහ කඵගල් ප්‍රවාහන බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අරඹයි. එය අද සිට ක්‍රියාත්මක බව කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා කියයි.
සේවා ලබාගැනීමට රජයේ කාර්යාලවලට පැමිණෙන ජනතාව අවම කරමින් ඔවුන්ට පහසුවෙන් සේවා ලබාගැනීමට නව තාක්ෂණික ක්‍රම හදුන්වාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් උපදෙස් අනුව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලවලට දිනකට පැමිණෙන සංඛ්‍යාව දහසත් දෙදහසත් අතර වෙයි.
වාර්ෂිකව නිකුත් කරන බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි. ප්‍රවාහන බලපත්‍ර වාර්ෂිකව අලුත් කළයුතු බැවින් දෛනිකව ඒ සදහා දැඩි තදබදයක් පවතී.
මේ වසරේමේ දක්වා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිකුත් කර ඇති ප්‍රවාහන බලපත්‍ර සංඛ්‍යාව ලක්ෂ 8 කට ආසන්නය. ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමෙ‘දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමටද නව වැඩපිළිවෙල ඉවහල් වන බව පරිසර ඇමතිවරයා පෙන්වා දෙයි.