Aboutceylon Online

කලින් වගේ හැසිරුණොත් තත්වය බරපතලයි – වසංගත රෝග ඒකකයේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්!

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
රට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ඒ සඳහා අදාළ අංශ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

රට තුළ මේ වන විට පවතින කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබුණ ද ⁣පෙර පරිදි දිගට ම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් ඉදිරි කාල සීමාව තවදුරටත් තීරණාත්මක විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

“පහුගිය මාස දෙකක විතර කාලයක් ජනතාව සාපේක්ෂව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවීමක් සෑහෙන දුරට අපි දැක්කා. ඒවායේ ප්‍රතිඵලයක් විදියට අපිට මේ යම් සාර්ථකත්වයක් ලඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒකෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් අපිට ආයේ සම්පූර්ණ ඒවායෙන් බැහැර වෙන්න පුළුවන් කියලා. දෛනික රෝගීන් දාහක් විතර වාර්තා වෙනවා කියන්නේ තවමත් ඇති ඒ මට්ටමේ ඉඳන් ඒක ඉදිරියට යන්න. හරියට මේක කළමනාකරණය කරගත්තේ නැත්නම් තවමත් ඒක ඉතාමත් හොඳ ආරක්ෂිත තත්ත්වයක් කියලා හිතන්නට බැහැ.”

Scroll to Top