Aboutceylon Online

ආනයනික කාබනික පොහොර තොගයේ දෙවන සාම්පලයේත් අහිතකර බැක්ටීරියා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා  පැවසුවේ, පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවයි

එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරු කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ ය.

Scroll to Top