මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (28) දිනයෙත් අලුයම සිට අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
දැඩි අයහපත් කාලගුණ තත්ත්වය අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සහ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අධික වර්ෂාව හමුවේ මහවැලි ගගේ පාරුව ගැට ගැසිමට ගිය දෙදරු පියා සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට
අධික වර්ෂාවත් සමග මහවැලි ගගේ පාරුවක් ගැට ගැසිමට ගිය දෙදරු පියෙකු මහවැලි ගගේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ මහවැලි ගගේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචි කේ.ජි.තිස්ස නැමති (54) හැවිරිදි දෙදරු පියෙකි.
මහවැලි ගගේ මැදගහවතුර ප්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටි ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ගග තරණය කරනු ලබන්නේ පාරුවකින් වන අතර , (27) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාවත් සමග ගම්වාසියෙක් වන මරණකරු පාරුව ලණුවකින් ගැට ගැසිමට ගිය අවස්තාවේ ඔහු මහවැලි ගගේ සැඩ පහරට හසු වි අතුරුදහන් වි ඇත.
අතුරුදහන් වු කේ.ජි.තිස්සගේ සිරුර (28) දින අතුරුදහන් වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගගේ තිබි ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
හැටන් – රංජිත් රාජපක්ෂ