Aboutceylon Online

සිප්පිකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ පාඨමාලා යලි ආරම්භ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිප්පිකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ වසර දෙකක කාලයක් පුරාවට ක්‍රියාත්මක නොවුනු පාඨමාලා යලි ආරම්භ කරමින්, එම පාඨමාලා උසස් ජාතික ඩිප්ලෝමා දක්වා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ හා පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්විණි.

පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුවේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යන සිප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ ඉගැන්විම් මේ වන විට සිදු වූවද පාඨමාලා අවසානයේදි ජාතික වෘත්තීය සුදුසුකම (NVQ Certificate) ලබාදීමක් මේ දක්වා සිදු නොවීය. එම නිසා ජාතික වෘත්තීය සුදුසුකම ලබාදීමට අවශ්‍ය නිර්නායකයන් සම්පුර්ණ කරමින් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අනුමැතියට යටත්ව ඉදිරියේදි පාඨමාලා ආරම්භ කිරිමට තීරණය කරන ලදි.

සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පුස්තකාල පහසුකම් හා දේශණශාලා අලුත්වැඩියා කිරිම, නව උපදේශකවරුන් බඳවා ගනිමින් ඔවුන්ව පුහුණු කිරිම් ආදි කටයුතු කඩිනම් කරමින් නොවැම්බර් මාසයේදි නව පාඨමාලා ආරම්භ කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය උපදෙස් ලබාදෙන ලදි. පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කරන සිසුන් රැකියා ගත පුහුණු සඳහා පෞද්ගලික අංශය සමග ගිවිසුම්ගතවීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මිය, සිප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ විදුහල්පති වෛද්‍ය කේ.පෙරියසාමි මහතා, තෘතීය හා වෘත්තීය පුහුණු කොමිසම් සභාවේ සභාපති උදේනි වික්‍රමසිංහ, අධ්‍යක්ෂ එස්.රූපසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Scroll to Top