බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් මහනුවර, නුවර එලිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(50-60) දක්වා වැඩි විය හැක.
උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින ‘ගුලාබ්‘ සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී දකුණු ඔඩිස්ස ආසන්න උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාන ගතව පවතී.
උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0,නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන විට මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස අවවාද කරනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී.
එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද අවවාද කරනු ලැබේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි ජ්‍යේෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, පහත සඳහන් ප්‍රදේශවලට අද (26) රාත්‍රී 7.00 ට සිට ක්‍රියාත්මක වන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
ගාල්ල දිස්ත්‍රික්කය
නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මාතර දිස්ත්‍රික්කය
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැලියගෙඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පසුගිය දින 2 කේ හා අද දිනයේ පැවති වර්ෂාපතනය සහ ඉදිරි කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ මෙම නිවේදනය නිකුත් කළ බව ද වසන්ත සේනාධීර මහතා පැවසී ය.