“පළවෙනි සහ දෙවැනි කොවිඩ් රැල්ල අවස්ථාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවෝ පීඩාවට පත්වුණා. ඒ වගේම මේ වසංගත අවස්ථාවේත් ගොවියන් ධීවරයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් වගේම අඩු ආදායම් මාර්ග අවිනිශ්චිත ආදායම් මාර්ග තිබුණු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස පීඩාවට පත්ව සිටිනවා. ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට එරෙහිව අපි දිගින් දිගටම අරගලයක ඉන්නවා. නමුත් පාලකයන් සහ බලධාරීන් මේ ප්රශ්නය නොසළකා හැර තිබෙන ප්‍රශ්නයක්. ඒ වෙනුවට ආණ්ඩුව මේ මූල්‍ය සමාගම් ශක්තිමත් කරමින් ඉන්නවා.
දැන් ආණ්ඩුව කියන විදිහට රට වසා දමා තිබෙනවා. නමුත් මූල්‍ය ආයතනවල නියෝජිතයන් ණය අයකරගැනීමේ ක්‍රියාවලියක නියැලී ඉන්නවා. එකපැත්තකින් හරියාකාරව කන්න බොන්නවත් නැතුව පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයට මේ රටේ පාලකයන්ට උත්තරයක් දෙන්න බැරිවෙලා තියෙනවා.
මොණරාගල කාන්තාවක් ලබාගෙන තිබෙන ණය මුදල රු 30,000ක්. ඇයට මේ සමාගම් නියෝජිතයෝ ඇවිත් රු 10ක් හරි ගෙවන්න කියලා කරදර කරනවා. ඇය පාර අයිනේ බුලත්විට සහ ධාන්‍ය විකුණලා ජීවත්වෙන කෙනෙක්. ඇඳිරි නීතිය නිසා මේ වෙලාවෙ ඇයට ඒ ආදායම් මාර්ගයත් ඇණ හිටලා. එහෙම තත්ත්වයක් ඇතුලේ තමයි මේ මූල්‍ය ආයතන නියෝජිතයෝ ණය ඉල්ලලා කරදර කරන්නෙ.
නමුත් කිසිම තැනක ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත්ව සිටින කාන්තාවන්ගේ ප්රශ්නය සාකච්ඡා වෙන්නෙ නැහැ.
බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ණය ගත්තොත් ණය ගෙවන්න ඕන නේද කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නෙ මේ මූල්‍ය ආයතන විසින් අයකරන්නේ උහුලගන්න බැරි තරම් පොළියක්. සියයට 35, 40, 60 අසාධාරණ පොලිය තමයි මේ අයකරන්නෙ. LOLC එකට කෝටි ගණන් ලාභ ඉහළ ගන්න පුළුවන් වෙන්නෙ දරිද්‍රතාවයේ පතුලේ ඉන්න සියයට 40ක් මිනිස්සු තමන්ට ලැබෙන සොච්චම් ආදායමත් මේ මූල්‍ය සමාගම්වලට ගෙවන නිසා.
පසුගිය දිනවල සාකච්ඡාවක් ඇතිවුණා මැති ඇමතිවරු වසංගතයෙන් පීඩාවට පත්වෙලා සිටි මිනිස්සුන්ට සහන දෙන්න වැටුප් පරිත්‍යාග කිරීම ගැන. එතැනදී සමහර මැති ඇමතිවරු කිව්වා අපිට නම් වැටුප් පරිත්‍යාග කරන්න බැහැ අපිට ලබාගත් ණය ගෙවන්න තියෙනවා කියලා. නමුත් මේ කිසිම ඇමති කෙනෙක් ණය ලබාගැනීම නිසා පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු ගැන කතා කළේ නැහැ. ලීසිං සමාගම්වලින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලින් ණය ගත්ත කොච්චර මිනිස්සු ඉන්නවද? ලක්ෂ 24ක් වෙච්ච කාන්තාවෝ සහ සමස්ථය ලක්ෂ 28ක් වෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඉන්න පිරිස කොච්චර පීඩාවට පත්වෙලාද කියන එක ඔය එක ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක්ට හිතුනද?
කාන්තා සංවිධානයක් ලෙස අපි කියන්නෙ “ගෙවන්න බෑ – ගෙවන්නෙ නෑ” කියන එක. මොකද මේ කාන්තාවෝ ගෙවමින් ඉන්නෙ අසාධාරණ පොළියක්. ආණ්ඩුව මේ මොහොතේ අඩුම වශයෙන් මේ මිනිස්සුන්ට යම් සහනයක් හරි ලබාදෙන ලෙස මූල්‍ය සමාගම් සමාගම්වලට යෝජනා කළ යුතුයි. නමුත් ආණ්ඩුව එහෙම යෝජනාවක්වත් කරන්නේ නැහැ.
යහපාලන ආණ්ඩුව මේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දුන්නා. පොරොන්දු වෙනුවට මේ ණය අහෝසි කරන වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව හදන්න ඕනා. විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ රට, සමාජය, ලෝකය අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ.