ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රජය විසින් ගෙවනු ලබන වැඩිහිටි දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් පියස කාර්යාලය ඉදිරිපිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දිගු පොලිම් වල රැදි සිටින දැකගැනීමට විය.
සැප්තැම්බර් මසට අදාල දිමනාව තැපැල් කාර්යාල මගින් ගෙවිමෙන් අනතුරුව දිවයින පුරා තැපැල්කාර්යාල දින දෙකක් වසා දැමිමෙන් අනතුරුව ඊයේ (24) දින විවෘත කරනු ලැබුහ.
තැපැල් කාර්යාල වසා තැබු දිනයන්හිද ඒ පිලිබදව නොදත් ජෙෂ්ඨ පුරවැසියන් එම දිමනාව ලබා ගැනිමට තැපැල් කාර්යාල වෙත පැමිණ ආපසු නිවාස කරා යන ලදි.
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමග පොදු ප්‍රවාහන පහසුකම් කිසිවක් නොමැති නිසා ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කුලි රථ මගින් තැපැල් කාර්යාල වෙත පැමිණ සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ