Aboutceylon Online

පරිසරවේදීන් රැසක් පසුගිය වසරේදී ඝාතනයට ලක්ව ඇති බව හෙළිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය වසර තුලදී ලොව පරිසරවේදීන් රැසක්  ඝාතනයට ලක්ව ඇති බව  සමීක්ෂණයකින් හෙළිව ඇති බව විදේස් මාධ්‍යය සදහන් කරයි.

එම වාර්තාවට අනුව 2020 වසරේදී ඝාතනයට ලක්ව ඇති පරිසරවේදීන් සංඛ්‍යාව 227ක්. අඛණ්ඩව වැඩිම පරිසරවේදීන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ දෙවන වසර ලෙසයි 2020 සැළකෙන්නේ.

මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය ආරක්ෂා කළ යුතු වනාන්තර, ජල සම්පත හා සාගර දූෂණයට හා විනාශයට එරෙහිව නැගී සිටි පරිසරවේදීන් දැඩි ජීවිත අවදානමකට මුහුණ පා සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

Scroll to Top