ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.
නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ වුයේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොවිඩ් නයින්ටීන් වයිරසයෙන් සුවය ලබා ගැනීම සදහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම මෙවර එහි තේමාව බවට පත්වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් අද(22) රාත්‍රී 09.30 ට පමණයි.
හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව ඇත.