ලිට්රෝ හා ලාෆ් සමාගම්වල පූර්ණ පාලනය අවසන් කරමින් මෙම වසර අවසන් වීමට ප්‍රථම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ආරම්භ කිරීමට නියමිත නව ගෑස් සමාගම මගින් ‘ලංකා ගෑස්’ නමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය සූදානම්වේ.
මේ වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව ආරම්භ කෙරෙන නව සමාගම සියොලිට් (SIYOLIT) ලෙසින් නම් කරනු ඇතැයි ද පැවසේ.
මෙම නව සමාගම මගින් නිෂ්පාදනය කෙරෙන එල්පී ගෑස් (LPG) පාරිභෝගිකයාට වාසිදායක ලෙස තරගකාරී මිලට අලෙවි කිරීමට අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.