ආනයනික කිරිපිටි මිල ඉහල දැමීමට කිරිපිටි ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කිරිපිටි ආනයනකරුවන් කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 350කින් ඉහල නංවන ලෙස ඉල්ලීමක් කර ඇති අතර අතර රුපියල් 200කින් පමණක් කිරිපිට කිලෝ ග්‍රෑමයක මිල ඉහල දැමීමටයි එකගතාවයකට පැමිණ ඇත්තේ.
මේ වන විට කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 පැකැට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 945කටයි. ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 380කට අලෙවි වනවා.
ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 78කින් ඉහල දමන ලෙසද ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ.