Aboutceylon Online

සැන් ෆ්රැන්සිස්කෝ සාම සම්මේලනයේ 70 වන සංවත්සරය සමරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ 70 වන සංවත්සරය සැමරීම සඳහාල 2021 සැප්තැම්බර් 17 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් මාර්ගගත සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යෙදුනි. කීර්තිමත් විද්වතුන් දෙපළක් වන, මහාචාර්ය නොගුචි යොෂිනෝරි සහ මහාචාර්ය කේ.ඩී. පරණවිතාන යන මහත්වරුන් විසින් මෙම සමරු සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණයන් පවත්වනු ලැබීය.

වර්ෂ 1951 සැප්තැම්බර් මස 6 වන දින, ලංකා රජය නියෝජනය කරමින්, සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවට සහභාගී වූ, එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ, අතිගරු ජේ. ආර්. ජයවර්ධන මහතා විසින්, එම සමුළුව අමතා, ධම්මපදය උපුටා දක්වමින්; “වෛරයෙන් වෛරය නොසන්සි‍‍ඳන බවත්, අවෛරයෙන් වෛරය සන්සිඳන බවත්” පවසමින් චතුර කථාවක් පවත්වන ලදී. බුදුරජාණන් වහන්සේගේ මෙම උතුම් ඉගැන්වීම සිහිපත් කරවමින්, අතිගරු ජයවර්ධනයන් විසින් නිදහස් හා ස්වෛරී ජපානයක් උදෙසා මෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසු එරටෙ නැවතත් ජාත්‍යන්තර ප්‍රජාව හා එක්වීම උදෙසා බලවත් සහයොගය පළකර සිටින ලදී.

කොස්මොස් ශිෂ්‍යත්වයේ උප නියෝජිතයෙකු සහ අයෝමා ගකුයින් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය නොගුචි, අතිගරු ජේ. ආර්. ජයවර්ධනයන් ගේ කථාවේදී ප්‍රකාශ වූ දයානුකම්පාව සහ කරුණාව මත පදනම් වූ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල මූලයන් සිහිපත් කළේය. ‘Courage and compassion at the San Francisco Peace Conference’ නම් ග්‍රන්ථයේ කතුවරයා වන මහාචාර්ය නොගුචි, ජපානයේ කෘතඥතාවය සමග, “සහජීවන” පරමාදර්ශයේ වැදගත්කම අවධාරණය කරමින්, දෙරට අතර ඇතිකරගෙන ඇති, පුළුල් පරාසයක වූ, සුහද සබඳතාවයන් කෙරෙහි එකී කථාවෙන් සිදුවූ බලපෑම පිළිබඳව පැහැදිලි කරන ලදී.

ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය් උපදේශකයෙකු ලෙස කටයුතු කරන, රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය කේ. ඩී. පරණවිතාන මහතා විසින් අළුතෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාවේ (ලංකාවේ) විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේ ඇති වැදගත්කම පැහැදිළි කරන ලදී. ජාතීන් දෙක අතර වන පොහොසත් අන්තර්ක්‍රියාකාරීත්වය සමග වන දෙරට අතර වන පශ්චාත් නිදහස් බහු-සබඳතාවයන් පිළිබඳවද මහාචාර්ය පරණවිතාන මහතා විසින් පැහැදිළි කරන ලදී.

තානාපති සුගියමා අකිරා මහතා සිය ආරම්භක දේශනයේදී, පශ්චාත් යුද ජපානය සඳහා, සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සම්මේලනයෙන් සිදුවූ වැදගත්කම පැහැදිලි කළ අතර,  අතිගරු ජේ ආර් ජයවර්ධන මහතා අවධාරණය කරන ලද සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුමේ සංහිඳියාව, සාධාරණත්වය සහ ත්‍යාගශීලීභාවය ගැන සඳහන් කලේය. ජපාන ජනතාවගේ බලවත් කෘතඥතාව පළ කරමින්,  තානාපති සුගියමා මහතා ලබන වසරේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70 ක් සපිරීම නිමිත්තෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සමෘද්ධිය තවදුරටත් තහවුරු කලේය.

Scroll to Top