Aboutceylon Online

සංචරණ සීමා සමයේ අරක්කු ඔන්ලයින් එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීම හරහා රට වසා දමා ඇති සමයේ මසකට රුපියල් කෝටි 1,500 ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු දොපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ මෙම සමයේ සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 4000ක් තරම් වන මිලකට ඉහල ගොස් ඇති බවට වාර්තා වන බවයි.

ඒ අනුව සංචරණ සීමා හෝ ඇදිරි නීතිය පැනවීමක් හෝ සිදුව ඇති කාල සීමාවක මත්පැන් අලෙවිය සිදු කිරීම සදහා වෙනත් විකල්ප ක්‍රමයක් අවශ්‍ය බව සුරාබදු දොපාර්තමේන්තුවේ අදහසයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු වන බවයි.

Scroll to Top