තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබාදීමට ද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.