කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
මෙම මුදල ඉතිරි වී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනාදී හේතු නිසා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු රැස්වීම් සීමාවීම සහ පාර්ලිමේන්තු සේවකයන් කැදවීම සීමා කිරීම නිසා විදුලිය, ජලය, ප්‍රවාහන වැනි පහසුකම්වලට වැය වන මුදල් විශාල වශයෙන් අඩු වී ඇතැයි පෙන්වා දෙන එම නිලධාරීහු මේ කාල කාලසීමාවේදී වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීමෙන්ද ලොකු මූල්‍ය වාසියක් සැලසී ඇති බව පෙන්වා දුන්හ.