ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්න ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමඟ තවත් ක්‍රීඩකයන් සිව් දෙනකු නේපාලයේදී පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක් වීමට ගිවිසුම්ගත වී තිබේ.
ඒ අනුව අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ සහන් ආරච්චිගේ ද තරගාවලියට සහභාගි වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවෙන් මේ තරගාවලිය සඳහා එක් වන ක්‍රීඩකයන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇත.
මින් පෙර සීක්කුගේ ප්‍රසන්න, උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියට එක් වීම සඳහා ගිවිසුම්ගත වී තිබිණි.
චන්දිමාල් මෙවර ඊපීඑල් තරගාවලියේදී භයිරහවා ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම්ගත වූ අතර, ඔහු විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීම නිසා මේ තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මේ මස 25 දා ආරම්භ වීමට නියමිත තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා නිමාවට පත් වේ.