Aboutceylon Online

මෙරට අභ්‍යන්තර ගැටලු සඳහා විදේශයන් සිදුකරන අතපෙවීම්වලට විරුද්ධයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා විදේශයන් සිදුකරන අතපෙවීම්වලට විරුද්ධ වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් චීනය මේ බව ප්‍රකාශ කර සිටියා.

වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටියි.

ඊට පිලිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් සැසිවාරය අමතමින් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා කර ඇති 46/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ නමුත් මෙහිදී අදහස් දක්වමින් ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියොජිත චෙන් ෂූ පවසා සිටියේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය අතපෙවීම් සිදු කිරීමට උත්සහ කිරීමට චීනය විරුද්ධවන බවයි.

මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්‍ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව ඉහළ නැංවීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් එහිදී ඔහු පවසා සිටියා.

Scroll to Top