මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අලුයම සිට අධික වැසි ලැබෙමින් පවති.
අධික වර්ෂාවත් සමග තද සුලං තත්ත්වයක් පවතින අතර ප්‍රදේශය පුරා ප්‍රධාන මාර්ගවල ඝන මිදුම් තත්ත්වයක්ද පවති.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් සිදු වන බව වතු අධිකාරිවරුන් සහ එලවළු ගොවින් කියා සිටියි.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නායයාමේ අවධානමක් මතු වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නුවරඑලිය ආපදා කලමණාකර ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ග වල පවතින ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගය වල රථ වාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ