වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් පවසයි.
ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවය.
තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් සමත්ව තිබේ.
අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
පළමු තරග දෙකෙහිදී අවස්ථාවක් නොලද සහ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අද තරගයේදී කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද (14) සවස 7 ටකොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, පැතුම් නිශ්ශංඛ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ළහිරු මධුශංඛ, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, මිනෝද් භානුක, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප්, ප්‍රවීන් ජයවික්‍රම, කුසල් පෙරේරා