නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළදී තැපැල් කාර්යාල සතියට දින 4ක් පමණක් විවෘත කර තබන බවට තැපැල් දෙපාර්තුමේන්තුව විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඊයේ (13) දිනයේ ප්‍රකාශ කර සිටියේ සියලු තැපැල් කාර්යාල බදාදා සහ බ්‍රහස්පතින්දා වසා තබන බවයි.
තැපැල් කාර්යමණ්ඩල සාමාජිකයන් 500 කට වැඩි පිරිසක් සහ ඔවුන් පවුල්වල සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් නිවේදනය හරහා තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.