Aboutceylon Online

T20 තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 09කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ් අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට දැවී ගියේය.

පළමු පන්දු ඕවර 6 නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 51ක් රැස්කර ප්‍රබල ස්ථානයක පසුවිණි.

නමුත් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ට හොඳින් ලකුණු රැස්කිරීමට හැකියාව නොලැබිණි.

කුසල් පෙරේරා පන්දු 25කදී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ ලබාගත්තේ ලකුණු 20ක් පමණි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුහ.

තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස ජය ලැබීමට ඔවුන් සමත් වී තිබේ.

 

Scroll to Top