Aboutceylon Online

ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසදී සති පිරිත් සජ්ජායේ අවසන් දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව පුරා ව්‍යාප්ත කොරෝන උවදුර තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අභියසදී පැවැත්වෙන සති පිරිත් සජ්ජායනවා  පැවැත්විණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රඅමාත්‍යය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු රජයට හා ලක්වාසී සැමට ආශිර්වාද පතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනාවස නාහිමි, රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙය සිදු කෙරෙයි.

පිරිත් සජ්ජායනාවට සහභාගී වන මහා සංඝරත්නය වෙත ගිලන්පස පූජාව සිදු කිරීමෙන් අනතුරුව පෙරහැරින් මිරිසවැටිය චෛත්‍යය පුදබිමේ ඉදි කළ විශේෂ පිරිත් මණ්ඩපය වෙත මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව සති පිරිත් සජ්ජායනාව මහා සංඝරත්නය විසින් ආරම්භ කරනු ලැබීය.

සූර්ය බල සුලං හා ජලවිදුලි ජනන සංවර්ධන රාජ්‍යය ඇමති දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන්  පිරිත් පිංකම  සමාරම්භ විය.පසුගිය 07 දා සිට අද 13 වනදා දක්වා මෙම පිරිත පැවැත්වේ.

බුද්ධ සාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාල, අග්‍රඅමාත්‍යය කාර්යාලය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශය හා මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍යය ආයතන රැසක එකමුතුවෙන් මෙම පිංකම සිදු කෙරෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු නිළධාරීන් රැසක්ද මෙම පිංකමට සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top