නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 10 ක කාබනික පොහොර භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් ලෙස අලිගැටපේර වගාව සිදු කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
ගලබොඩ වත්තේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදි කිරිම සදහා මුල්ගල තැබිමේ අවස්තාවට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බැව් පැවසිය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නාවලපිටිය ගලබොඩ වත්තේ තේ වගා නොරකන මුඩු ඉඩම් වල අලිගැටපේර වගාව සිදු කරන බවත්, එම වගාව සිදු කිරිමට එම වතු යායේ පදංචි වතු කම්කරුවන් යොදාගෙන සිදු කරන බවත්, ඒ තුලින් එම වතු කම්කරුවන්ටද අනාගතයේදි ආදායම් මාර්ගයක් උපයාගත හැකි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
නාවලපිටිය ගලබොඩ වත්ත ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සදහා සුදුසු පරිසර පද්ධතියකින් යුක්ත ප්‍රදේශයක් බවත්, වසරේ ඕනැම කාලයක වගාවන් සදහා සුදුසු කාලගුණ තත්ත්වයක්ද එම ප්‍රදේශයේ පවතින බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
නාවලපිටිය වතු යායේ ඉදි කරන කොම්පොස්ට් නිෂ්පාදනාගාරයට අවශ්‍ය යන්ත්‍ර කිහිපයක්ද එම වතු යායේ වතු අධිකාරි සම්පත් සමරසිංහ මහතා වෙත අමාත්‍යවරයා විසින් භාරදෙනු ලැබුහ.
හැටන් – රංජිත් රාජපක්ෂ