Aboutceylon Online

රටට සෙත් පතා පිරිත් සච්ඡායනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටට සෙත් පතා ශ්‍රි පාද උඩ මළුවේ  පිරිත් සච්ඡායනාවක් පවත්වයි.

මෙරටින් කොවිඩ් 19 වෛරසය තුරන් වන ලෙස සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ප්‍රතිකාර ලබන අසාදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රටට සෙත්පතා රතන සුත්‍රය දේශනා කිරිම සහ පිරිත් සච්ඡායනාවක් ශ්‍රි පාද උඩ මළුවේදි පවත්වනු ලැබුහ.

දහම් පාසල් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත වේරගොඩ මහතාගේ ඉල්ලිමක් මත මධ්‍යම පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් කිරිදිගල්ලේ ඥාණරතන හිමියන්ගේ සහ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතුව පිරිත් සච්ඡායනාව පවත්වනු ලැබුහ.

බොගම්බර බොධි මළුවේ භික්ෂුන් වහන්සේලා විසින් පිරිත් සච්ඡායනාව පැවැත් වු අතර, එම විහාරස්ථාන දායක සභාව විසින් යුධ හමුදාවේ සහ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත පිරිත් සච්ඡායනාව පවත්වනු ලැබුහ.

නුවරඑලිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පිරිත් සච්ඡායනාවක්

මෙරටින් කොවිඩ් 19 වෛරසය තුරන් වන ලෙස සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ප්‍රතිකාර ලබන අසාදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රටට සෙත්පතා රතන සුත්‍රය දේශනා කිරිම සහ පිරිත් සච්ඡායනාවක් නුවරඑලිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පවත්වනු ලැබුහ.

නුවරඑලිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක සභාව සහ නුවරඑලිය ශ්‍රි ලංකා යුධ හමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව පිරිත් සාච්ඡායනාව සංවිධානය කර තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පිරිත් සච්ඡායනයට නුවරඑලිය කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා ,නුවරඑලිය ශ්‍රි ලංකා යුධ හමුදා තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණදෙණ නිලධාරින් ප්‍රසන්න සංජිව බෝයගොඩ යන මහතුන්ද සහභාගි විය.

 

රටට සෙත් පතා නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනෙදි පිරිත් සච්ඡායනාවක්.

මෙරටින් කොවිඩ් 19 වෛරසය තුරන් වන ලෙස සහ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ප්‍රතිකාර ලබන අසාදිතයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රටට සෙත්පතා රතන සුත්‍රය දේශනා කිරිම සහ පිරිත් සච්ඡායනාවක් නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනෙහිදි පවත්වනු ලැබුහ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලිමක් පරිදි නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනෙහි පරිවෙනාධිපති උඩුබැද්දාවේ නිස්සරණ හිමි, ශ්‍රි පාද පිරිවෙන් විහාරාධිපති රබැවේ ප්‍රභාෂ්වර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සච්ඡායනාව සිදු කෙරිණ.

නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනෙ පිරිවෙන් අචාර්ය මණ්ඩලය විසින් පිරිත් සච්ඡායනාව සංවිධානය කර තිබු අතර , පිරිත් සච්ඡායනාවට නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කළුගම්පිටිය මහතාද සහභාගි වි සිටිහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top