ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ කටයුතු කළ 40 හැවිරිදි වියේ පසු වූ චානක සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. චානක සිල්වා මහතා දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයා වන චානක සිල්වා මහතා වසර 18කට අධික කාලයක් එම ධූරයේ කටයුතු කර තිබේ.
2019 වසරේදී පකිස්ථාන සංචාරය සඳහා ඇතැම් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කළ පසුබිමක ඔහු එම සංචාරයට ද එක් වූයේ රාජකාරිය දේවකාරිය ලෙස සලකමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ චානක සිල්වා සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!