Aboutceylon Online

කාලෙකින් ගෙදර ගියෙත් නෑ දැන්නම් අපිට මහන්සියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතය පිළිබඳව අවදානමක් ඇති රෝගීන් බව අප අමුතුවෙන් කිව යුතු නැත.

සාමාන්‍ය රෝහලක කොවිඩ් රෝගියෙකුට සත්කාර කරනවාට වඩා දැඩි වෙහෙසක් පිළිකා රෝගියෙක්  හඳුනාගතහොත් අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දැරීමට සිදුවෙයි.

“මාස 5ක් තිස්සේ දරුවො කතා කරලා අහද්දි.. අප්පච්චි ගෙදර එන්නෙ නැද්ද කියලා, ඒ දැනෙන වේදනවා කියන්න බැහැ. ඒ නිසා වැඳලා කියන්නේ පරිස්සම් වෙන්න,” යැයි එහි වෛද්‍යවරයෙකු අප සමග පැවසීය.

“අන්තිමට ගෙදර ගියේ අවුරුද්දට… දරුවෝ ඉන්නවා. බලන්න යන්න විදිහක් නෑ. අම්මා තාත්තා බලන්නත් මාස 6කින් විතර ගියේ නෑ. දැන්නම් ඇත්තටම අපිටත් හරි මහන්සි,” යැයි සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් නිලධාරිනියක් සඳහන් කළාය.

Scroll to Top