Aboutceylon Online

සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නැවත සංශෝධනය කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබේ.

වරකට සාප්පු සංකීර්ණ වල සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව එක් නිවසකින් දෛනික අවශ්‍යතා සඳහා බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණක් වන අතර රැකියා සඳහා පිටත්ව යන අයට සාමාන්‍ය පරිදි බැහැරව යා හැකි බවය.

Scroll to Top