Aboutceylon Online

පොලිම් වල සිටි අයට ගැස් නොලැබිම හේතුවෙන් උණුසුම් තත්ත්වයක්.

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගැස් අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට (19) දින අලුයම 5 සිට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත ලබාදෙන සිමිත ගැස් ප්‍රමාණය පාරිභෝගිකයන්ට අලෙවි කිරිමේදි එම ඒජන්තවරුන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

ගැස් අලෙවි නියෝජිතයන් වෙත ලද ගැස් සිලින්ඩර් 75 ක් නගරයේ අත්‍යවශ්‍ය සේවා සපයන වෙලදසැල් වෙත ලබාදි ඉතිරි වු ගැස් සිලින්ඩර් ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලැබුහ.

දිගු පොලිම් වල වැඩි වේලාවක් රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් සිලින්ඩරයක් මිල දි ගැනිමට නොහැකි විමෙන් එම පාරිභෝගිකයන් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.

ගැස් මිලදි ගැනිමට පැමිණෙන පාරිභෝගිකයන් පාලනය කිරිම සදහා හැටන් ගැස් අලෙවි නියෝජිතයා විසින් පදික වේදිකාවේ කොටසක් අවහිර කර තිබු අයුරුද දක්නට ලැබුණි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top