Aboutceylon Online

කොටගල වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරිමේ අරමුණින් (19) දින සිට හැටන් කොටගල නගරය මේ මස (26) දින දක්වා සම්පුර්ණයෙන්ම වසා දමා සෞඛ්‍ය අංශ වලට සහයෝගය දැක්විමට තම වෙලද සංගමය තිරණය කල බව කොටගල වෙලද සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාදන් මහතා පැවසිය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් අසාදිතයන් විශාල පිරිසක් වාර්තා වි ඇති බවත්, ඉන් අසාදිතයන් කිහිප දෙනෙකු ජිවිතක්ෂයට පත් විමත් සමග හැටන් කොටගල නගරයේ සියළුම වෙලදසැල් සතියක කාලයක් වසා දැමිට නගරයේ සියළුම වෙලද  ව්‍යාපාරික මහතුන් ඒකමතිකව තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

කොටගල නගරය සතියක කාලයක් වසා දැමිම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ව දැනුවත් කල බවත්, නගරය වසා දැමෙන කාලය තුල කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශ සහ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සමග එක් වි කොවිඩ් මර්ධනය සදහා විවිධ අයුරින් සහයෝගය දක්වා නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමට සැලසුම් කර ඇති බවද කොටගල වෙලදසංගමයේ සභාපති පුෂ්පා විශ්වනාදන් මහතා වැඩි දුරටත් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top