නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, මුහුදු පක්ෂ, පිහිනුම් තටාක සහ ස්පා සඳහා අද(18) සිට අවසර නොමැත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන, උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇත.
නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.
- සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
- සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
- කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්රීඩාගාර අද සිට වසා දැමේ.
- ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
- පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
- හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.