Aboutceylon Online

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 6,000 ඉක්මවා යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොරෝනා මරණ 161 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 83 දෙනෙකු  පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 78 දෙනා කාන්තාවන් ය.

ඊයේ දිනයේ වර්තා වූ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තාවක ද වන්නී ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,ඊයේ (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,576 දෙනකු ඊයේ (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,387 දෙනෙකු ඊයේ (15) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Scroll to Top