හැටන් ප්රදේශයේ පවතින උග්ර ගෘහස්ථ ගැස් හිගයත් සමග හැටන් නගරයේ ලිට්රෝ ගැස් එජන්සි ඉදිරිපිට (15) දින උදැසන සිට දිගු පොලිම් දක්නට ලැබුණි.
ගැස් සිලින්ඩර් මිල දි ගැනිමට පාරිභෝගිකයන් (15) දින උදැසනම වෙලදසැල් ඉදිරිපිට ගැස් බෙදා හරින ලොරි රථය එජන්සිය වෙත පැමිණෙන තෙක් රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
ගැස් එජන්තවරුන් වෙත සමාගම විසින් නිකුත් කරනු ලැබුහ සිමිත ගැස් සිලින්ඩර් ප්රමාණය අනුව පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ ගැස් එජන්සි ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
පවත්නා ගැස් හිගය හමුවේ හැටන් නගරයේ ආපන ශාලා සහ බේකරි කර්මාන්තයේ යෙදි සිටින අයද දැඩි අසිරුතාවයට වි ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ