තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි. ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.
තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය.
නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.