Aboutceylon Online

මියයන අසාදිතයන්ගේ දේහයන් මුදා හැරිම සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේකණය නිසා ප්‍රමාදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිවැස් නිරෝධානයේදි මිය යන අසාදිතයන්ගේ දේහයන් පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කර යලිත් දේහය ඥාතින්ට භාර දිමේදි ප්‍රමාදයක් සිදු වන බවත්, එම ප්‍රමාදය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2021.06.19 දින නිකුත් කරන ලද චක්‍රලේකණය අනුව සිදු වන බව ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය (15) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

එම සංගමයේ මාධ්‍ය ලේකම් සහ දික්ඔය මුලික රෝහලේ හදිසි මරණ පරික්ෂක මොහොමඩ් ෆසිර් මහතා මාධ්‍යය හමුව කැදවමින් වැඩි දුරටත් කියා සිටියේ.

ලංකාවේ හදිසි මරණ පරික්ෂකවරුන්ගේ 600 ක පමණ අවශ්‍යතාවයක් තියෙනවා, නමුත් අපි 300 දෙනෙකු පමණ තමයි මේ සේවය කරමින් ඉන්නේ.

සමහර ප්‍රදේශවල හදිසි මරණ පරික්ෂකවරුන් පැය 24 ම සේවය කරනවා.

අපි සෞඛ්‍ය අමාත්‍යංශයට පවසලා තියෙනවා චක්‍රලේකණ නිකුත් කරනවිට අපිට පහසු ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් චක්‍රලේකණ නිකුත් කරන්න කියලා.

නමුත් මේ නිකුත් කරලා තියෙන චක්‍රලේකණ එක්ක හදිසි මරණ පරික්ෂකවරුන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා.

2021.06.19 දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරලා තියෙන චක්‍රලේකණයෙන් කියනවා නිවාස තුල නිරෝධානය සම්බන්ධයෙන්.

අසාදිත රෝගියෙක් නිවසේ නිරෝධානය වෙමින් සිටියදි මියගියහොත් අධිකරණ වෛද්‍යවරයෙකුට යොමු කරන්න කියලා තියෙනවා පශ්චාත් මරණ පරික්ෂණය සදහා.

කොවිඩ් දේහයක් තැනක සිට තවත් තැනකට ප්‍රවාහනය කරද්දි ගැටළු රැසක් මතු වෙනවා, දේහය ප්‍රවාහනය කරන්න විශාල මුදලක් දරන්න සිදු වෙනවා.

අධිකරණ වෛද්‍යවරුන් හැම රෝහලකම නැ , සමහර දේහයන් රැගෙන කිලෝමිටර් 60 විතර දුර යන්න ඕනි.

එහෙම ගෙනහිල්ලත් , පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරලා නැවත දේහය ඥාතින්ට ලබා දෙන්න දිගු කාලයක් යනවා, විශාල මුදලක් වැය වෙනවා.

එතකොට එම රෝහල් වලට එන කොවිඩ් දේහයන් ගොඩ ගැහෙනවා මෘත ශරිරාගාර තුල.

ඒකට හේතුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන චක්‍රලේකණ වල තියෙන ප්‍රායෝගික ගැටළු.

රෝහලේදි කොවිඩ් රෝගියෙකු ජිවිතක්ෂයට පත් වුවහොත් පශ්චාත් මරණ පරික්ෂණයට ගැටළුවක් නැ , නමුත් නිවාස තුල නිරොධානය වෙද්දි තමයි මේ ගැටළුව ඇති වෙන්නේ.

අධිකරණ අමාත්‍යංශය අපිට හැමවිමට සහයෝගය ලබාදෙනවා , නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයට අපිට දක්වන සහයෝගය ඉතාමත් දුර්වලයි.

2021.06.25 දින නිකුත් කරන ලද චක්‍රලේකණයේ පැහැදිලිවම සදහන් කරලා තියෙනවා ග්‍රාමසේවකවරුන්ට නිවසේදි පුද්ගලයෙකු මිය යනවානම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිෂ්කාෂන වාර්තාව ඇතුව හෝ නැතුව මෘත දේහයන් නිදහස් කරන්න පුළුවන් කියලා.

ග්‍රාමසේවකවරයා එයට කැමති නැති වුවහොත් පොලිසියට හදිසි මරණ පරික්ෂකවරයෙකු හරහා මෘත දේහයන් නිදහස් කරන්න පුළුවන්.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාව නිසි ලෙස දැනුවත් කරලා නැ.

සමහර පොලිසිය , ග්‍රමාසේවා නිලධාරින් , වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැ.

අපි හදිසි මරණ පරික්ෂකවරුන් වශයෙන් කටුයුතු කරන්න කඩිනමින් මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු නිදහස් කිරිමට කටයුතු කරනවා.

ගම්බද රෝහල් වල ස්ථානයක්වත් නැ වාඩිවෙලා පරික්ෂණ සිදු කරන්න.

සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍රලේකණ නිකුත් කිරිමේදි හදිසි මරන පරික්ෂකවරුන්ගේ අදහසුත් ලබාගෙන කටුයුතු කරන්න කියලා අපි ඉල්ලනවා.

කොළඹ ජාතික රෝහලේ තියෙන පහසුකම් තියෙන රෝහල් ලංකාවේ තියෙන්න කිහිපයක විතරයි.

ප්‍රධාන රෝහල් වල තියෙන පහසුකම් එක්ක චක්‍රලේකණ නිකුත් කරන්න එපා. යනුවෙන් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top