ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය විකෘති වී තවත් භයානක ප්‍රභේදයක් මෙරට තුල නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති දෙකකදී ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් එම කාල පරිච්ඡේදය තීරණාත්මක බවයි.
සදුදා සිට නිවසේ සිටිමින් ස්වයං සංචරණ සීිමා පනවා ගෙන කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.
වෛරසයේ ව්‍යාප්තිය වැඩි වි ඇති නිසා ජනතාවට සේවය සැපයිමට සිටින මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.