සමස්ත ශ්‍රී ලංකාවට අද (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.
මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.අද සිට සැම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.