කැළණි පාලමේ සිදු කරන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය හරහා කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි
ඒ අනුව ඊයේ (14) අලුයම 5.00 සිට සඳුදා (16) අලුයම 5.00 දක්වා බේස්ලයින් මාර්ගය ඔස්සේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය වසා දැමෙනු ඇති
මාර්ගය වසා තැබෙන කාලය තුළ දී පිටකොටුවට පැමිණෙන වාහන කැළණිතිස්ස වටරවුම හරහා ඉඟුරුකඩේ හන්දියට පිවිස සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,ආමර් වීදිය බාබර් හන්දියෙන් මහා විද්යාල මාවත ඔස්සේ පිටකොටුවට පිවිසිය යුතුය
ආමර් විදිය ,පංචිකාවත්ත වටරවුම ,මරදාන හරහා පිටකොටුවට බොරැල්ලටත් ගමන් කළ හැකි බව පංචිකාවත්ත පොලිසිය ප්රකාශ කරයි
දෙමටටගොඩ දෙසට ගමන් කළ යුතු රථ වාහන ප්රදීපා මාවත ,සද්ධර්ම මාවත හරහා පැමිණ නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකිය
කොළඹින් පිටවන වාහන සඳහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය තවදුරටත් ගමනා ගමනය සඳහා විවෘතව පවතියි