Aboutceylon Online

හාල්මැස්සන්, කරවල, ලුණු සඳහා නව බදු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවමින් මුදල් අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100 ක් වේ.උළු හාල් ඇට කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50 ක් වේ.

කුරක්කන් පිටි කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 150 ක බද්දක් පැනවෙන අතර අබ ඇට කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 62 ක් වේ.

ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලූණු කිලෝ ග්‍රෑමයක් මත රුපියල් 40 ක බද්දක් පනවා තිබේ.වෙඩරු මෙන්ම කිරිවලින් නිෂ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පැනවෙන බද්ද රුපියල් 880 ක් වේ.

 

Scroll to Top