තවත් කොරෝනා මරණ 155 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) වාර්තා කරනු ලැබ තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, (12) තහවුරු කරන ලද එම මියගිය පිරිස අතරින් 85 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 70 දෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද, අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 41 දෙනෙකු ද වන අතර ඉතිරි ආසාදිතයින් 111 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 760 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සමස්ත ආසාදිතයින් ගණන 3,142කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 348,260ක් දක්වා ඉහළගොස් ඇත.