ආයුර්වේදය ඇතුළු වටිනා දේශීය වෛද්‍ය ක්‍රම පවතින රටක මෙතරම් කොරෝනා මරණ සිදුවීම අපරාධයක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඔහු චෝදනා කළේ වෛද්‍යවරුන් ද ඇතුළත් භාහිර පාර්ශව රැසක් දේශීය වෛද්‍ය ක්‍රමය පහළට ඇද දැමීමට කටයුතු කරමින් ඇති බවයි.
ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලැබූ කිසිඳු කොරෝනා ආසාදිතයෙකු මියගොස් නොමැති බව ඉකුත් දා වාර්තා වුණා.
ප්‍රතිශක්තිය වර්ධනය කරන ආයුර්වේද ඖෂධ 14 ක් ජනතාව වෙත ලබාදීම ද මේවනවිට සිදු වනවා.
ශ්‍රී ලංකාව කොරෝනා දැඩි අවදානමක සිටින පසුබිමක මෙරට ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු පිරිස ද සුවිශේෂී කාර්යය භාර්යයක නිරත වුවද, ධම්මික පැණියට ලබාදුන් තරම් ප්රවර්ධනයක් ඒ සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන්ම හිමිවනු දැකගත හැකි වන්නේ නැහැ.